Membership

Journal

 
 
 
 
 
 
 
 
 

ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ වාර්ෂික මහසභා රැස්වීම කල්දැමීම හා පුරාවිද්‍යා හා ඉතිහාස පර්යේෂණ සමුළුව අවලංගුකිරීම

 
     
  2020 අප්‍රේල් මස 04 වන දින පැවැත්වීමට නියමිතවූ ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ 54 වන වාර්ෂික මහසභා රැස්වීම වර්තමානයේ රටේ පවතින කොව්ඩ් - 19 වයිරස් ආපදා තත්ත්වය හා එය හේතුවෙන්ම පවතින ඇඳිරි නීතිය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල්දැමීමට සිදුවී ඇති බව කාරුණිකව දන්වමි.  
     
  සංගමයේ 54 වන වාර්ෂික මහසභා රැස්වීම පැවැත්වෙන දිනය ඉදිරියේදී ඔබ වෙත දන්වනු ඇත.  
     
  එදිනම පැවැත්වීමට සැලසුම් කර තිබූ පුරාවිද්‍යා හා ඉතිහාස පර්යේෂණ සමුළුව පවතින තත්ත්වය හමුවේ අවලංගු කිරීමටද සිදුවී ඇත.  
     
  එසේම පුරාවිද්‍යා හා ඉතිහාස පර්යේෂණ සමුළුව සඳහා ඉදිරිපත් කරන ලද පර්යේෂණ පත්‍රිකා මීළඟ සමුළුව සඳහා ඉදිරිපත් කිරීමට, පත්‍රිකා ඉදිරිපත් කරන ලද පර්යේෂකයන්ගේ එකඟතාව හා විද්වත් තෝරාගැනීම මත කිරීමට ඇති හැකියාව පිළිබඳ මීළඟ සමුළුව කැඳවීමෙන් පසු තීරණය කළ හැකිවනු ඇති බවද කාරුණිකව දන්වමි.  
     
  මුදිත කරුණාමුනි,
ගරු ප්‍රධාන ලේකම්
2020.03.31
 
     
     
     
     
 
     
 
Last updated 07 May, 2020