Membership

Journal

 
 
 
 
 
 
 
 
 

ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ ගරු සභාපති අභාවප්‍රාප්ත මහින්ද මලලසේකර මහතාගේ අභාවය හා අවසන් කටයුතු දැනුම් දීම

 
     
 
  ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ ගරු සභාපති මහින්ද මලලසේකර මහතා 2020 අප්‍රේල් මස 24වැනි දින අභාවප්‍රාප්ත විය. ඒ මහතාගේ දේහය පාණදුර, මාලමුල්ලේ, "සමනල", අංක 156 නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇත. දේහය පිළිබඳ ආදාහනය ඉරිදා (2020.04.26) සවස 4 ට බණ්ඩාරගම ආදාහනාගාරයේදී පැවැත්වේ.

මේ අවස්ථාවේදී පවත්නා නෛතික සීමා හා ප්‍රවාහන අපහසුතා නිසා සාමාජිකයන්ට මෙන්ම විධායක සභිකයන්ටද මෙම අවස්ථාවට සහභාගිවීම අසීරු විය හැකිය. එබැවින් මේ පිළිබඳ ඔබගේ අදහස්, ශෝක පණිවුඩය සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් ලියා මෙම ඊමේල් පණිවුඩයට පිළිතුරු ලෙස එවන මෙන් ඉල්ලා සිටිමි. ඔබේ අදහස් සාමාජිකත්වය සමග බෙදාගැනීමට මෙන්ම, මහින්ද මලලසේකර මහතාගේ පවුලේ අය වෙත ලබාදීමටද කටයුතු සලස්වන්නෙමි.
 
     
  මහින්ද පී. මලලසේකර මහතාට නිවන් සුව අත්වේවා !  
     
  මුදිත කරුණාමුනි
ගරු ප්‍රධාන ලේකම්
2020.04.25
 
     
  පහත ඇති ශෝක ප්‍රකාශ බැනරය සාමාජික ලක්මාල් නානායක්කාර විසින් සකස් කරන ලදි.  
     
   
     
 
     
 
Last updated 07 May, 2020